24.5 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරක්ෂිතයේ නිධන් සෙවූ 06ක් අත්අඩංගුවට

රක්ෂිතයේ නිධන් සෙවූ 06ක් අත්අඩංගුවට

නිධන් සොයා රක්ෂිතයක කැණීම් කළ 06 දෙනෙක් වි‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා (05) වි‍ශේෂ කාර්ය බලකාය විසින් නාවලපිටිය පොලිස් වසමේ රොජසන්ගම ප්‍රදේශයේ අක්කර 39 රක්ෂිතයේදී මෙම වැටලීම සිදු කර තිබෙනවා.

එහිදී නිධන් සෙවීමේ අරමුණින්, කැණීම් උපකරණ යොදා ගනිමින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 -52 අතර වයසේ පසුවන පුද්ගලයින් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් හය දෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නාවලපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.