― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරටවල් 06ක තානාපතිවරු අනුර හමුවෙයි

රටවල් 06ක තානාපතිවරු අනුර හමුවෙයි

රටවල් 06ක තානාපතිවරු සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඊයේ (06) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දීයි මෙම හමුව පවත්වා ඇත්තේ.

පලස්තීන රාජ්‍යයේ තානාපති ආචාර්ය Zuhair M.H. Dar Zaid මහතා, තුර්කි ජනරජයේ තානාපතිනි R. Demet Sekercioglu මහත්මිය, බංගලාදේශ ජනරජයේ මහකොමසාරිස් Tareq M.D. Ariful Islam මහතා, ඉන්දුනීසියානු ජනරජයේ තානාපති Dewi Gustina Tobing මහත්මිය, එම තානාපති කාර්යාලයේ ප්‍රධාන කොන්සල් Heru Prayitno මහතා, මැලේසියානු මහකොමසාරිස් Badli Hisham Bin Adam මහතා, සහ මාලදිවයින් ජනරජයේ වැඩබලන තානාපතිනි Fathimath Ghina මහත්මිය යන රාජ්‍යතාන්ත්‍රිකයෝ එම රටවල් නියෝජනය කරමින් මෙම හමුව සඳහා එක්ව තිබුණා.

ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික බිමල් රත්නායක, ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික විධායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන අය මේ සඳහා සහභාගි වුණා.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙහිදී ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කර ඇති ලද අතර රට තුළ දේශපාලන හා ආර්ථික තත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡාවට බඳුන් විය.

එසේම රටවල් සමග අන්‍යෝන්‍ය ගරුත්වය සහ සහයෝගීතාව මත පදනම්ව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගයේ ඇති සූදානම පිළිබඳවද මෙම හමුවේදී ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට පෙන්වා දුන්හ.