― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsවජිරගෙන් රනිල්ට කාටුන් ඇතුළත් කෘතියක්

වජිරගෙන් රනිල්ට කාටුන් ඇතුළත් කෘතියක්

රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමේ අසීරු කාර්යය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවිශේෂී භූමිකාව පුවත්පත්වල කාටූන් ශිල්පීන් දුටු ආකාරය එක් කර සම්පාදනය කළ ‘Press Vs. Prez’ කෘතිය එළිදැක්වීම අද (07) සිදු කළා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී යි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසිනුයි මෙම කෘතිය සම්පාදනය කර ඇත්තේ.

රනිල් වික්‍රමසිංහ 2021 ජූනි 23 වනදා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන් දා සිට එතුමාගේ ජාතික නායකත්වයේ ගමන් මග පිළිබඳ 2023 මැයි මාසය දක්වා පුවත්පත්වල පළවු කාටූන් 600ක් පමණ එක් කර මෙම කෘතිය නිර්මාණය කර තිබෙනවා.

කාටූන් ශිල්පීන් 40 දෙනෙකු සහ ජනමාධ්‍යවේදීන් 20කට ආසන්න පිරිසක් විසින් මෙහි නිර්මාණ දායකත්වය ලබා දී තිබෙන අතර එම කාටුන් ශිල්පින් සහ රූපවාහිනිය ඔස්සේ ඒවා ඉදිරිපත් කළ රූපවාහිනී නිවේදකයින් ද මෙහිදී ඇගයීමට නියමිතයි.