31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsෂෙල් සමාගම යළි ලංකාව සමඟ එක්වෙයි

ෂෙල් සමාගම යළි ලංකාව සමඟ එක්වෙයි

ෂෙල් ඉන්ධන සමාගම නැවත වතාවක් මෙරට මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

එම සමාගමේ ප්‍රථම ඉන්ධන නැව මෙම මස 19 වැනිදා කොළඹ වරායට වසර 63 කට පසු ඇතුල්වෙනවා.

1961 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින් 1880 පමණ සිට ශ්‍රී ලංකාවේ කටයුතු කළ ෂෙල් ඉන්ධන සමාගම රජයට පවරා ගත්තා.

ඉන්පසු එම සමාගම ඔවුන්ගේ ආසියාවේ මෙහෙයුම් කටයුතු ලංකාවෙන් ඉවත් කොට සිංගප්පූරුවේ ආරම්භ කරන ලද අතර අද සිංගප්පූරුවේ දැවැන්ත සමාගමක් බවට එය පත් වී තිබෙනවා.

බලශක්ති ක්ෂේත්‍රයේ බලවතෙකු බවට පත්වීමට සිංගප්පූරුවට එමගින් හැකිවූ අතර කෙසේ වෙතත් වසර හැට තුනකට පසු ෂෙල් සමාගම නැවතත් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට එකතු වෙනවා.

මෙම රජයේ බලශක්ති හා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ ආනයනය කිරීමට, ගබඩා කිරීමට සහ බෙදා හැරීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ වෙනුවෙන් රජය ඉන්ධන පිරවුම්හල් 150ක් වෙන්කොට ඇති අතර
නව පිරවුම්හල් ආරම්භ කිරීමට බලපත්‍ර 50 ක්ද නිකුත් කර තිබෙනවා.