29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsස්විට්සර්ලන්තයේ රැකියා පෙන්වා මුදල් ගරලා

ස්විට්සර්ලන්තයේ රැකියා පෙන්වා මුදල් ගරලා

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් හත් ලක්ෂ අසූපන්දහසක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලංගොඩ පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් 41 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු ස්විට්සර්ලන්තයේ රැකියාවක් ලබාදෙන බව පවසමින් එක් අයකුගෙන් රුපියල් හත්ලක්ෂ අසූ පන්දහසක් ලබාගෙන ඇති බවත් ඊට අමතරව තවත් පුද්ගලයන් 25 දෙනෙකුගෙන් මුදල් ලබාගෙන ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු බලංගොඩ මහාධිකරණ විනිසුරුවරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත තිබෙනවා.