අමානුෂික ප්‍රහාරයකට ලක්ව ගල්නෑව විදුහලේ ක්‍රීඩා හා ජීව විද්‍යා ගුරුවරුන් දෙදෙනා රෝහල්ගත කර තිබෙනවා.
ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා පුහුණුවීමක් අතරතුර
ඊයේ (6) පාසල් ළමුන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් සිදුව ඇති අතර ගුරුවරුන්ගේ මැදිහත් වීමෙන් එම ආරවුල සමථයකට පත් කර තිබෙනවා.
පසුව එම සිදුවීමට මුල් වූ එම පාසලේ 9 වසරේ ඉගෙනුම ලැබූ දරුවා ගුරුවරුන් පහර දුන්නැයි පවසමින් ගල්නෑව රෝහලට ඇතුළත් වී තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් එම දරුවාගේ භාරකරුවන් හට පැහැදිලි කිරීම සදහා ඊයේ සවස එම පාසලේ ක්‍රීඩා ගුරුවරයා ගල්නෑව, ලෝලුගස්වැව ප්‍රදේශයේ ඇති එම දරුවාගේ නිවසට ගිය අවස්ථාවේදී දරුවාගේ නිවසේ සිටි පිරිසක් ගුරුවරයාට අමානුෂික අයුරින් පහර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පසුව එම ස්ථානයට පැමිණි එම පාසලේ ජීව විද්‍යා ගුරුවරයාටද නිවැසියන් ඒ අයුරිම පහර දී තිබෙනවා.
ඉන් අනතුරුව එම ගුරුවරුන් දෙදෙනා ගල්නෑව රෝහලට ඇතුළත් කර ඇති අතර ජීව විද්‍යා ගුරුවරයාගේ හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මේ වන විට වයස අවුරුදු 17 තරුණයකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ. සිදුවීමට අදාළ වූ අනෙකුත් පිරිස ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් සොයා මේ වනවිට ගල්නෑව පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ හේතුවෙන් අද (07) පැවැත්වීමට නියමිතව තිබූ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය තාවකාලිකව නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.