― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහරක් කටා CID යෙන් පන්නන්න හැදූ සැරයන් මාට්ටු

හරක් කටා CID යෙන් පන්නන්න හැදූ සැරයන් මාට්ටු

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් පැන යෑමට ආධාර අනුබල දුන් පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (06) දහවල් මිදිගම පොලිස් වසමේදී යි මෙම පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලිස් නිලධාරියෙකුගේ සහය ඇතිව හරක් කටා අත්අඩංගුවෙන් මිදී පලායාමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය මඟින් මේ වනවිට පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.

දුරකථන දත්ත ඔස්සේ සිදුකරන ලද විමර්ශනයේදී හරක් කටාට පලායෑමට භාවිත කිරීමේ අරමුණින් රැගෙන එන ලද යතුරුපැදියක් හා ආරක්ෂක හිස් වැසුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබී සොයාගනු ලැබුවා.

එම ආරක්ෂක හිස්වැසුම රැගෙන ඒම සඳහා සුද්දා නැමති පුද්ගලයෙකු සම්බන්ධ වී තිබූ අතර එම සැකකරු සම්බන්ධයෙන් සොයා බැලීමේ දී ඔහු පදිංචි ස්ථානයෙන් මඟහැර ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

එම සුද්දා නැමති එම පුද්ගලයා පිළිබඳව තවදුරටත් දුරකථන විශ්ලේෂණයන සිදු කරමින් කරන ලද විමර්ශනයේදී සුද්දා යන අය මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු සමඟ සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වූ බවයි පොලීසිය පවසන්නේ.

ඊට අමතරව මෙම සැරයන්වරයා හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයෑමේ සිද්ධිය විදේශගතව සිටි මෙහෙයවනු ලැබූ ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් ‘මිදිගම රුවන්’ නැමැත්තා සමඟ ද වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධ වෙමින් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර 36 හැවිරිදි සැරයන්වරයා දික්කුඹුර, අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකාර සැරයන්වරයා සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන සිදු කරනු ලබනවා.