― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකතුන් රකින්න ජනපතිගෙන් පනත් 02ක්

කතුන් රකින්න ජනපතිගෙන් පනත් 02ක්

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් දෙක ලබන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (08) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය අමතමිනි.

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනතට අනුව වෙනම කොමිෂන් සභාවක් ස්ථාපිත කිරිමට අපේක්ෂා කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දීම මඟින් කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම එහි අරමුණ බවත් ජනාධිපතිවරයා පැවසීය.

කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත ඊයේ (07) දිනයේදී ගැසට් කළ අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත එළැඹෙන සතියේ දී ගැසට් කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මීට අමතරව ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් අයවැයකරණය ද ඉදිරියේදී ගෙන ඒමට කටයුතු කරන බවත්, එය ආසියාවේ පළමු වරට සිදු කෙරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

දිවයින පුරා සෑම පොලිස් ස්ථානයකම කාන්තා හා ළමා කටයුතු ඒකකයක් ස්ථාපිත කරන බවත් ඒ සඳහා පොලිස් නිලධාරීන් පුහුණු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙතෙක් අපේ රටේ කාන්තා දින සැමරුම් උත්සවවලදී සිදු වූයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කතා කර විසිර යාම පමණක් වුවත්, කාන්තා අයිතිවාසිකම් කතාවට පමණක් සීමා නොකළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය නීති සහ අණ පනත් ගෙන ඒමේ කටයුතු රජය මේ වන විට සිදු කරමින් සිටින බවද කියා සිටියේය.

මෙම සියළු කටයුතු පිළිබඳ ජාතික වගකීමක් ලෙස සළකා රට පුරා කාන්තාවන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස මෙහිදී ඉල්ලා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ නොමැතිව මෙම නීති සහ අණ පනත් ගෙන ඒම පමණක් ප්‍රමාණවත් නොවන බව ද පැවසීය.

2024 ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය ‘ඇයට ශක්තිය- දැයට ප්‍රගතිය’ තේමාව යටතේ අභිමානවත්ව පැවැත්වුණු අතර දිවයින පුරා කාන්තා සංවිධාන නියෝජනය කරමින් කාන්තාවන් විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථානයන්ට අදාල මාර්ගෝපදේශය සහ කාන්තා කාර්ය සංවිධාන සහ කාන්තා බල මණඩල ව්‍යවස්ථාව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ප්‍රදානය කළාය.

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන වෙත ත්‍රිරෝද රථ, පරිගණක හා මුද්‍රණ යන්ත්‍ර සංකේතාත්මකව පිරිණැමීම ද මෙහිදී සිදු කෙරිණි.