මඩකලපුව, වාකරේ පොලිසිය ඉදිරිපිට නිවසක් තුළ බෝම්බයක් පිපිරී යාමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
ඊයේ (07) දහවල් මෙම සිදුවීම සිදුව ඇති බව වාකරේ පොලිසිය පවසනවා.
වාකරේ පොලිස් ස්ථානය ඉදිරිපිට නිවසක හිමිකරු ඊයේ ඉඩම සුද්ධ පවිත්ර කරමින්, කසළ පුළුස්සා දමමින් සිටියදී විශාල ශබ්දයක් සමඟ අත් බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා.
ඉන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මේ සම්බන්ධයෙන් වාකරේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.