29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකැනඩාවේදී ශ්‍රී ලාංකිකයින් 06ක් ඝාතනය කරලා

කැනඩාවේදී ශ්‍රී ලාංකිකයින් 06ක් ඝාතනය කරලා

කැනඩාවේ ඔටාවා නුවර නිවසක් තුළදී ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට එම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රාශියක් ද හෙළි වී තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට කැනඩාවේ මෑතකදී පදිංචියට ගිය පවුලක්.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එකම පවුලේ මව, දරුවන් සිවුදෙනා හා තවත් ශ්‍රී ලාංකිකයෙක්. දරුවන්ගේ පියා බරපතල තුවාල ලබා මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබනවා.

35 හැවිරිදි වියේ පසු වූ දර්ශනී නම් මව, හත් හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ, සිව් හැවිරිදි දියණිය අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි දියණිය රින්යානා වික්‍රමසිංහ, මාස දෙකක දියණිය කෙලී වික්‍රමසිංහ මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ශ්‍රී ලාංකික පුරවැසියෙක් වන 40 හැවිරිදි ගාමිණී අමරකෝන් නම් පුද්ගලයාද මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

මෙම ඝාතනය වෙඩි තැබීමක් බවට විදෙස් මාධ්‍ය මින් පෙර වාර්තා කළද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ තියුණු ආයුධයකින් පහර දී මෙම අපරාධය සිදුකර ඇති බවයි.