කොළඹ නගරයේ වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
කොළඹට අමතරව අකුරණ, යාපනය සහ මහනුවර යන නගරවල වායු දූෂණයද ඉහළ ගොස් ඇති බවයි කාලගුණ අංශ පවසන්නේ.
කොළඹ නගරයේ වායු තත්ව දර්ශකය 158 (පීඑම්2.5) ක් ලෙස දැක්වෙන අතර සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම දර්ශකය තවදුරටත් ඉහළ ගියහොත් දැඩි අවදානයක් යොමු කළ යුතු බවයි.