27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

පාරිභෝගික අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල ඉල්ලා අස් වී තිබෙනවා.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් පසුගියදා දැනුම් දී තිබුණේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙසයි.

ඒ අනුව සභාපතිවරයා සමඟ තවත් අධ්‍යක්ෂකවරයෙක් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය වසර කිහිපයක සිටම එම තනතුරු දරණ අතර ඔවුන්ව ඉවත් කර අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීම සඳහායි වෙළඳ අමාත්‍යවරයා ඔවුන්ට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇත්තේ.