30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාලම්පුරියක් සමඟ හිමිනමක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

වාලම්පුරියක් සමඟ හිමිනමක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

මාතර සිට මඩකලපුව ප්‍රදේශයට අලෙවි කිරීම සඳහා නීතිවිරෝධී ලෙස රැගෙන ආ රුපියල් කෝටියක් වටිනා වාලම්පුරියක් සමඟ හිමිනමක් හා තවත් අයෙක් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ කල්කුඩා ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

විශේෂ කාර්ය බළකාය තාණ්ඩියඩි කඳවුරට ලැබුණු තොරතුරක් මත ඊයේ රාත්‍රියේ කල්කුඩා තැපැල් කාර්යාලය අසළදී මෙම වැටලීම සිදු කර තිබෙනවා.

එහිදීභික්ෂූන් වහන්සේ නමක් ඇතුළු දෙදෙනෙක් නීති විරෝධී ලෙස වාලම්පුරියක් අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් හිමිනම ඇතුළු දෙදෙනා සහ වාලම්පුරිය වැඩිදුර විමර්ශන සඳහා කල්කුඩා පොලිසිය වෙත භාර දී ඇත.

විමර්ශනවලින් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.