පෙබරවාරි මාසයේදී පමණක් විදෙස්ගත ශ්‍රමිකයින් අමෙරිකානු ඩොලර් මිලියන 476.4ක මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසනවා.
නීත්‍යානුකූල ක්‍රමය හරහා රටට මුදල් එවන ලෙසට විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් කළ ඉල්ලීම් සදහා මේ වනවිට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.
පසුගිය වසරේ පෙබරවාරි මාසය සමඟ සංසන්දනය කර බලන විට එය සියයට 14ක ඉහළ යාමකි.
විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය විසින් වැඩසටහන් ද ක්‍රියාත්මක කර තිබෙනවා.