28.9 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසජිත්ගෙන් කාසල් රෝහලට ලක්ෂ 45ක පරිත්‍යාගයක්

සජිත්ගෙන් කාසල් රෝහලට ලක්ෂ 45ක පරිත්‍යාගයක්

අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කාසල් වීදියේ කාන්තා රෝහලට ඉන්කියුබේටර් යන්ත්‍රයක් සහ බේබි වෝමර් යන්ත්‍ර 02ක් පරිත්‍යාග කෙරුණා.

එහිදී විපක්ෂ නායකවරයා කාන්තා අයිතිය සහ සෞඛ්‍ය අයිතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කාන්තා අයිතිය සහ සෞඛ්‍ය අයිතිය පිළිබඳව සඳහන්ව නැති බවත් ඉදිරියේදී එය ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට කටයුතු කරන බවත්ය.

“මෙම උපකරණ සඳහා ලක්ෂ 45 ක් පමණ වැය වූ වුණා. එම මුදල තබාගෙන බස්වලින් සෙනඟ ඇද කාන්තා අයිතිය පිළිබඳව කොහේ හරි රැස්වීමක් තියන්න තිබ්බා. නමුත් අපි එහෙම කරන්න නෑ. අපිට හැමදේම දෙන්න තමයි අපි බලන්නේ. අපි ඒ වගේ වාසිදායක ඡන්ද බලාගෙන ජනතාව රවට්ටන වැඩ අපි කරන්නෙ නෑ.”