26 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsආරක්ෂක අංශ භාරයේ තිබූ අක්කර 109ක් නිදහස් කෙරේ

ආරක්ෂක අංශ භාරයේ තිබූ අක්කර 109ක් නිදහස් කෙරේ

ආරක්ෂක අංශ වෙත පවරාගෙන තිබු යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සිවිල් වැසියන්ගේ ඉඩම් අක්කර 109.56 ක් නැවත සිවිල් වැසියන් වෙත පවරා දීමට ඊයේ (10) කටයුතු කර තිබෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම වැඩසටහන පැවැත්විණ.

යාපනය දිස්ත්‍රික්කය හා කිලිනොච්චිය දිස්ත්‍රික්කය තුළ ආරක්ෂක අංශ වෙත පවරාගෙන ඇති අනෙකුත් ඉඩම්ද කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා බව වැඩසටහනේදී සඳහන් කර තිබෙනවා.

යාපනය පලාලි හා වාසවිලාන් ග්‍රාම නිළධාරි කොට්ඨාශ තුළ පවතින ඉඩම් අක්කර 3000 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට පවතින බවයි වාර්තා වන්නේ.