32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකතක් හා කපුවෙක් රෝහලට යැවූ ඉඩම් කෝන්තරය

කතක් හා කපුවෙක් රෝහලට යැවූ ඉඩම් කෝන්තරය

මීගහකිවුල අරාව පාර ප්‍රදේශයේ දෙපිරිසක්‌ අතර ඇතිවූ ගැටුමක් දුරදිග යෑමෙන් සිදුවූ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් හා දේවාලයක කපුවෙක් අද (11) අළුයම මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීග‍හකිවුල අරාව පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61ක කාන්තාවක් සහ 41ක පුද්ගලයෙක්.

එකම පවුලක ඥාතීන් දෙපිරිසක් අතර ඉඩමක් සම්බන්ධයෙන් පැවැති පැරණි කෝන්තරයක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව තිබෙනවා.

පහරදීම සිදුවීමට පැයකට පමණ පෙර පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකය වෙත ලද ඇමතුමක් අනුව කන්දකැටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ දෙපාර්ශ්වය සමථයකට පත්කර තිබෙනවා.

කෙසේනමුත් පොලිසිය පිටව යෑමෙන් පසු දෙපිරිස අතර ගැටුම යළි උත්සන්න වීමෙන් පසුව මෙම පහර දීම සිදුව ඇති බවයි අප වාර්තාකරිඋ පැවසුවේ.

තමුන් දේවාලයක් පවත්වාගෙන යන බවත් දේවාලයේ කටයුතු හමාර කොට රාත්‍රී ආහාරය ගැනීම සඳහා නිවසට පැමිණ සිටියදී පිරිසක් පැමිණ තමුන්ට පහර දුන් බවත් දේවාලයේ කපුවා පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.