28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAccidentකාර් රථය පෙරළී දෙදෙනෙක් රෝහලට

කාර් රථය පෙරළී දෙදෙනෙක් රෝහලට

වව්නියාව – හොරොව්පතාන මාර්ගයේ අද (11) අලුයම සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කැබිතිගොල්ලෑව පොලීසිය පැවසුවේ වව්නියාව – හොරොව්පතාන මාර්ගයේ කුංචුට්ටුව ප්‍රදේශයේදී කාර් රථයක් අනතුරට ලක්වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

කාර් රථය කැබිතිගොල්ලෑවේ සිට වව්නියාව දක්වා ධාවනය වූ අවස්ථාවේදී එහි රියදුරුට නින්ද යාමෙන් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් විදුලි කනුවක ගැටී තිබෙනවා.

අධික වේගයකින් ධාවනය වී ඇති මෙම කාර් රථය පෙරලී ගොස් විදුලි කණුවක ගැටීම හේතුවෙන් විදුලි කණුවද කැඩී, මාර්ගයට වැටී තිබූ අතර මේ හේතුවෙන් ප්‍රදේශයේ විදුලි සැපයුමට බාධා එල්ල වී තිබුණා.

අනතුර සිදු වී කාර් රථය මීටර් 100 කට ආසන්න දුරක් පෙරළී යාම හේතුවෙන් කාර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර එහි ගමන්ගත් රියදුරු ඇතුළු අනෙක් මගියා තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ දෙදෙනා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති අතර කැබිතිගොල්ලෑව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබනවා.