26.7 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් රථයෙන් වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

බස් රථයෙන් වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

බස් රථයක ගමන් ගත් පුද්ගලයෙක් එහි පිටුපස දොරෙන් එළියට ඇද වැටී ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාරියපොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 46ක රඹුක්කන, වල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය පැවසුවේ කුරුණෑගල සිට වාරියපොළ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථය ගමන් කරමින් සිටි පුද්ගලයෙක් ඊයේ (10) රාත්‍රියේ මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වාරියපොළ රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා තිබෙනවා.

එම අවස්ථාවේදීයි ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.