32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහරක් කටා යළි රිමාන්ඩ්

හරක් කටා යළි රිමාන්ඩ්

අද (11) දිනයේදී කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ තංගල්ල පැරණි බන්ධනාගාරයේ පිහිටි ත්‍රස්ත මර්ධන කාර්යාංශය යටතේ තිබෙන රැඳවුම් කඳවුරේ රඳවා තැබීමට නියෝග කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසිනුයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද හරක් කටා අද (11) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

සැකකරුගේ ඇගිලි සලකුණු ලබාගෙන වාර්තාවක් හැඳින්වීමටද නියම වුණා.

ඉන් අනතුරුව නඩුව අප්‍රේල් මස 26 වැනිදා කැඳවන්නැයි විනිසුරුවරයා නියම කළා.