25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArt'Oppenheimer' ඔස්කාර් සම්මාන 7ක් දිනා ගනී

‘Oppenheimer’ ඔස්කාර් සම්මාන 7ක් දිනා ගනී

96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල අද (11) ආරම්භ වුණා.

ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේදී එය අද ආරම්භ කෙරුණා.

මෙවර සම්මාන උලෙළේදී ‘ඔපන්හයිමර් චිත්‍රපටය’ හොඳම චිත්‍රපටය, හොඳම නළුවා සහ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 07ක් දිනාගත්තා.

ඒ අනුව හොඳම නළුවා ලෙස ඔපන්හයිමර් චිත්‍රපටයේ රඟ පෑ සිලියන් මර්ෆි සම්මාන දිනාගත් අතර, පුවර් තින්ග්ස් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් එමා ස්ටෝන් හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවා.

හොඳම සහාය නළුවා ලෙස ඔපන්හයිමර් චිත්‍රපටය රංගනයෙන් දායක වූ රොබට් ඩව්නි ජූනියර් සම්මාන හිමිකරගත් අතර හොඳම සහාය නිළිය ලෙස Da’Vine Joy Randolph ද හෝල්ඩෝවර්ස් චිත්‍රපටිය වෙනුවෙන් සම්මාන දිනාගත්තා.

ඔපන්හයිමර් චිත්‍රපටයේ ක්‍රිස්ටෝපර් නෝලන් විසින් හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමිකර ගත් අතර හොඳම ජාත්‍යන්තර විශේෂාංග චිත්‍රපටිය ලෙස ‘ද සෝන් ඕෆ් ඉන්ටරෙස්ට්’චිත්‍රපටය මෙවර ඔස්කාර් සම්මාන රාත්‍රියේ සම්මාන හිමි වුණා.

හොලිවුඩයේ දැවැන්ත සිනමාකරුවන් මෙම සම්මාන රාත්‍රිය සඳහා එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.