32.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑළවළු මිල සීඝ්‍රයෙන් පහළට

එළවළු මිල සීඝ්‍රයෙන් පහළට

වෙළෙඳපොළේ එළවළු මිල සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන එළවළු වෙළෙන්ඳන් පවසනවා.

කෙසේනමුත් පසුගිය දිනවල එළවළු මිල බොහෝ සෙයින් ඉහළ අගයක් ගත් කැරට්, බෝංචි, ගෝවා, මාලු මිරිස් ඇතුලු එළවලු මිල පහළ බැස ඇති බවයි ජනතාව පවසන්නේ.

පෑලියගොඩ මැනිං වෙළෙඳපොලේ වෙළෙන්ඳන් පවසන්නේ අද (12) දිනයේදී බෝංචි කිලෝවක් රුපියල් 300ක්, කැරට් කිලෝවක් රුපියල් 300ක්, ගෝවා කිලෝවක් රුපියල් 320ක්, තක්කාලි කිලෝවක් රුපියල් 300 ක්, වම්බටු කිලෝවක් රුපියල් 150ක්, වට්ටක්කා කිලෝවක් 250ක්, දෙහි කිලෝවක් රුපියල් 150ක් හා අමුමිරිස් කිලෝවක් රුපියල් 300ක් වැනි මිලකටත් අලෙවි වූ බවයි.