30 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව රාජ්‍ය තාන්ත්‍රිකයින් ජනපතිට අක්තපත්‍ර භාරදෙයි

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් ජනපතිට අක්තපත්‍ර භාරදෙයි

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරයෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (12) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා.

තායිලන්ත රාජධානියේ නව තානාපතිවරයා ලෙස පත්ව පැමිණි පයිටූන් මහපන්නපෝන් (H. E. Paitoon Mahapannaporn) මහතා සහ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ නව මහකොමසාරිස්වරයා ලෙස පත්ව පැමිණි විශ්‍රාමික මේජර් ජෙනරල් ෆාහිම් උල් අසීස් (H.E. Major General (R) Faheem Ul Aziz, HI (M)) මහතා මෙලෙස ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දුන්හ.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.