26.7 C
Colombo
Friday, December 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනෙළුම් කුළුණේ සාදයක් අතරතුර තරුණයෙක් හා තරුණියක් ජීවිතක්ෂයට

නෙළුම් කුළුණේ සාදයක් අතරතුර තරුණයෙක් හා තරුණියක් ජීවිතක්ෂයට

කොළඹ නෙළුම් කුණේ අවන්හලක පැවති සාදයක් අතරතුර හදිසියේම රෝගාතුර වූ තරුණයෙක් සහ තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය සිකුරාදා (08) පැවැති අදාළ අවන්හලේ පැවති සාදයකට සහභාගී වූ මොවුන් දෙදෙනා කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කර සිටියදී හදිසියේම රෝගාතුර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණියක් සහ දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙක් බවයි.

මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් පසු රෝගාතුර වූ මොවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප‍්‍රතිකාර ලබමින් සිටියදී යි මොවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මොවුන්ගේ මරණවලට හේතුව නිෂ්චිතව අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.