23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsයුක්තියෙන් අපරාධකරුවන් 1101ක් අත්අඩංගුවට

යුක්තියෙන් අපරාධකරුවන් 1101ක් අත්අඩංගුවට

ගතවූ පැය 24 තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ යුක්තියේ මෙහෙයුමෙන් අපරාධකරුවන් 1101 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 1030 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 71 ක් සමගින් මුළු සැකකරුවන් 1101 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

මෙම මෙහෙයුම්වලින් හෙරොයින් ග්‍රෑම් 427 යි මිලිග්‍රෑම් 937ක්, අයිස් ග්‍රෑම් 294 යි මිලිග්‍රෑම් 196ක්, ගංජා කිලෝග්‍රෑම් 39 යි ග්‍රෑම් 206ක්, මාවා ග්‍රෑම් 448 යි මිලිග්‍රෑම් 11ක්, තූල් ග්‍රෑම් 34 යි මිලිග්‍රෑම් 495ක්,
මදන මෝදක ග්‍රෑම් 82 යි මිලිග්‍රෑම් 85ක්, මත්පෙති 884ක් හා ගංජා පැළ 50ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 1030 දෙනා අතරින් සැකකරුවන් 46 කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් 17 ක් පුනරුත්තාපනය සඳහා යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 43 ක් අත්අඩංගුවට ගෙන ඇත.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 71 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 5 ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 63 ක්, ඇගිලි සටහන් ඔස්සේ අත්අඩංගුවට ගැනීම් 01 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 2 ක් සිටී.