― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරාමසාන් උපවාස සමය අදින් ඇරඹේ

රාමසාන් උපවාස සමය අදින් ඇරඹේ

ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අද (12) සිට රාමසාන් උපවාස සමය ආරම්භ කරනු ලබනවා.

ඊයේ (11) දිනයේදී නව අඩ සඳ දර්ශනය වීමත් සමඟ කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ අද සිට උපවාස සමය ආරම්භ කරන බවයි.

ඉස්ලාම් බැතිමතුන් රාමසාන් මාසය පුරා උපවාසයේ නිරත වන අතර
මුස්ලිම්වරුන් සඳහා වූ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුර්ආනය පිළිබඳ මුහම්මද් තුමාට මූලික හෙළිදරව් කිරීම් ලැබුණු මාසය ලෙස එය සමරනු ලැබනවා.

රාමසාන් සමයේ සෑම දිනකම මුස්ලිම්වරු හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා ආහාර නොගන්නා අතර අපිරිසිදු සිතුවිලි සහ නරක හැසිරීම්වලින් වැළකී සිටිය යුතු වනවා.

ඉස්ලාම් බැතිමතුන් පවුලේ අය සහ මිතුරන් සමඟ ආහාර බෙදා ගැනීමෙන් ඔවුන්ගේ දෛනික උපවාසය අත්හරින අතර රාමසාන් අවසානය සමරනු ලබන්නේ ඉස්ලාමයේ ප්‍රධාන නිවාඩු දිනයක් වන ඊද් අල්-ෆිතර් නමින් උත්සවයක් සමරමිනි.