27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවව්නියාවේ පාසලකින් මෝටාර් උණ්ඩ හමුවෙයි

වව්නියාවේ පාසලකින් මෝටාර් උණ්ඩ හමුවෙයි

වව්නියාවේ පාසලක ක්‍රීඩා පිටියක තිබී වල දමා තිබූ මෝටාර් උණ්ඩ 03 ක් සොයාගෙන තිබෙනවා.

මඩුකන්ද පොලීසිය පැවසුවේ ඊයේ (11) වව්නියාව, මඩුකන්ද ජාතික පාසලේ ක්‍රීඩා පිටිය පිළිසකර කරමින් සිටියදී වල දමා තිබූ මෝටාර් උණ්ඩ 03 ක් සොයාගත් බවයි.

පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල වෙනුවෙන් ක්‍රීඩා පිටිය පිළිසකර කරන අවස්ථාවේදී, ක්‍රීඩා පිටියට අවශ්‍ය කසළ බැහැර කිරීම වෙනුවෙන් වලක් කැපීමේදී පොළව යටතිබූ අදාල මෝටාර් බෝම්බ මතුවී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව පාසලේ ගුරුවරුන් විසින් මේ පිළිබඳව මඩුකන්ද පොලීසියට දැනුම් දී තිබෙනවා.

පොලිස් නිලධාරීන් අදාල ස්ථානයට පැමිණ පරික්ෂා කිරීමේදී මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් බෝම්බ 03 ක් තිබී ඇති අතර පසුව පොලීසිය විසින් ඒ පිළිබඳව මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට දැනුම් දී එම නිලධාරීන් විසින් පැමිණ අදාල මෝටාර් බෝම්බ රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

යුද සමයේදී කොටි ත්‍රස්ත සංවිධානය විසින් අදාළ ස්ථානයේ මෙම මෝටාර් බෝම්බ වල දමන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

අදාළ ස්ථානයේ තවත් බෝම්බ ඇත්දැයි සෙවීමට පියවර ගෙන ඇති බවයි මඩුකන්ද පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.