― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot NewsICC යේ පෙබරවාරි මාසයේ ක්‍රීඩකයා යෂස්වි

ICC යේ පෙබරවාරි මාසයේ ක්‍රීඩකයා යෂස්වි

ඉන්දීය ආරම්භක පිතිකරු යෂස්වි ජයිස්වාල් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පෙබරවාරි මාසයේ ක්‍රීඩකයා ලෙස තේරී පත්ව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය සතියේදී පෙබරවාරි මාසයේ ක්‍රීඩකයා ලෙස නිර්දේශිත නාමයන් ලෙස යෂස්වි ජයිස්වාල්, ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු පැතුම් නිශ්සංක, නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන්ගේ නම් ඉදිරිපත් කරනු ලැබුවා.

එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී දැක්වූ අති විශිෂ්ඨ දක්ෂතා හා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ලබාදෙන මනාප පදනම් කරගෙන මෙම තෝරා පත්කර ගැනීම සිදුකර තිබෙනවා.

ඒ අනුවයි මෙම ක්‍රීඩකයින් තිදෙනා අතරින් පෙබරවාරි මාසයේ ක්‍රීඩකයා ලෙස ඉන්දීය ක්‍රීඩක යෂස්වි ජයිස්වාල් මෙලෙස තේරී පත්ව ඇත්තේ.

22 හැවිරිදි වියේ පසුවන ජයිස්වාල් එංගලන්තය සමඟ විශාකාපට්නම් හි පැවති දෙවන ටෙස්ට් තරඟයේ දී වාර්තා කළ විශිෂ්ට ද්විත්ව ශතකය ඔහුව පෙබරවාරි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට නිර්දේශ වීමට වැඩි බලපෑමක් එල්ල කළා.

ICC පෙබරවාරි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස තේරී පත් වූ යෂස්වි ජයිස්වාල් සඳහන් කළේ මෙම සම්මානය දිනාගැනීම ගැන ඉතා සතුටු වන බවත් අනාගතයේදී තවත් බොහෝ දේ ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.