28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅරුගම්බේ හෝටල් කාමරයක කාන්තා මළ සිරුරක්

අරුගම්බේ හෝටල් කාමරයක කාන්තා මළ සිරුරක්

අරුගම්බේ ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුළ තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තාවකගේ මළ සිරුරක් සොටාගෙන තිබෙනවා.

පොතුවිල් පොලිසිය පැවසුවේ ඊයේ (12) පස්වරුවේ පොතුවිල්, අරුගම්බේ ප්‍රදේශයේ හෝටලයක කාමරයක් තුළ තිබී මෙම කාන්තාවගේ මළ සිරුර සොයාගත් අතර ඒ, අසළම එල්ලෙමින් තිබූ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද සොයාගත් බවයි.

මොවුන් දෙදෙනා කලක පටන් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර මෙම යුවළ ඊයේ (12) ආරුගම්බේ ප්‍රදේශයේ හෝටල් කාමරයක් වෙන් කරගෙන තිබෙනවා.

ඊයේ (12) උදෑසන හෝටල් කාමරයට පැමිණි මොවුන් දෙදෙනා පස්වරුව වනවිටත් කාමරයෙන් පිටතට නොපැමිණීම සම්බන්ධයෙන් සැක සිතුණු හෝටල් හිමිකරු විසින් ඒ පිළිබඳව අරුගම්බේ සංචාරක පොලිසියට දැනුම් දී තිබෙනවා.

පසුව පොලිසිය පැමිණ කාමරය සෝදිසි කිරීමේදී දැක ඇත්තේ කාන්තාව මියගොස් සිටින ආකාරය හා පිරිම පුද්ගලයා එල්ලෙමින් සිටින ආකාරයයි.

පොලිසිය සැකපළ කරන්නේ දෙදෙනා අතර සිදුවූ ආරවුලක් මත පිරිමි පුද්ගලයා විසින් කාන්තාව ඝාතනය කර පිරිමි පුද්ගලයාද සියදිවි නසාගෙන ඇති බවයි.

පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මහකලුගල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මියගොස් සිටි පිරිමි පුද්ගලයා උල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙක් බවයි පොලීසිය සඳහන් කළේ.