27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋණුසුම හමුවේ දෛනික විදුලි ඉල්ලුමත් ඉහළට

උණුසුම හමුවේ දෛනික විදුලි ඉල්ලුමත් ඉහළට

මේ දිනවල දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වයඉදිරි සති කිහිපයේදීත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් දිවා කාලයේදී අධික උෂ්ණත්වයක් පවතින අතර හැකිතාක් උණුසුම දරා ගැනීමට හැකි ආලෝකය පරාවර්තනය කරන සුදු ඇඳුම් වැඩි වශයෙන් භාවිත කරන ලෙසයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

අධික උෂ්ණත්වය හමුවේ ඇති විය හැකි විජලන තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා වැඩිපුර ජලය භාවිත කරන ලෙසත් දරුවන් දිවා කාලයේදී එළිමහන් ක්‍රියාකාරකම්වල නොයොදවන ලෙසත් වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමන්ම අධික උණුසුම නිසා විදුලි පංකා සහ සමීකරණ පද්ධති වැඩි වශයෙන් භාවිත කිරීම හමුවේ දෛනික විදුලි ඉල්ලුමද ඉහළ ගොස් ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ හේතුවෙම් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සියිනවා.