25.6 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැනඩාවට යන්න අකමැතියි කියා ළිඳට පැනලා

කැනඩාවට යන්න අකමැතියි කියා ළිඳට පැනලා

ආබාධිත පුද්ගලයෙක් ඊයේ (11) ළිඳකට පැන සියදිවි නසාගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අක්කුඩුවන, කොල්ලන්ගලටි – තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචි ධනපාල සුබ්‍රමනියම් සුජීවන් නැමැති 32 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයාගේ සහෝදරියක් කැනඩාවේ පදිංචිව සිටින අතර එම පුද්ගලයා සහ ඔහුගේ මව කැනඩාව සඳහා සංචාරක වීසා ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් කැනඩාවට යාමට අකමැත්තෙන් ඔහු සිය රෝද පුටුව ළිඳක් අසළ නවතා ළිඳට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඔහුගේ සිරුර ගොඩගෙන යාපනය ශික්ෂණ රෝහලට භාර දී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදුන්නා.