29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනිල ඇඳුමෙන් SPA ගිය සැරයන්ට වැඩ වරදී

නිල ඇඳුමෙන් SPA ගිය සැරයන්ට වැඩ වරදී

මහාධිකරණයේ නඩු කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටියදී සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීමට ගිය සැරයන්වරයෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

යක්කල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුවයි මෙම සැරයන්වරයා පොලිස් භාරයට ගෙන ඇත්තේ.

තුනටියේ වේදනාවක් ඇතැයි පවසමින් මෙම සැරයන්වරයා කිරිල්ලවල, කොකිස්කඩේ හන්දිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට ඇතුළු වී තිබෙනවා.

මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ දොම්පෙ පොලීසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙක් වන අතර ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහු මුදා හැර තිබෙනවා.

කෙසේනමුත් සැරයන්වරයාගේ නිල ඇඳුම පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.