24.5 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෙහෙත් පෙත්තක් සිර වී දැරියක් ජීවිතක්ෂයට

බෙහෙත් පෙත්තක් සිර වී දැරියක් ජීවිතක්ෂයට

පැරසිටමෝල් පෙත්තක් උගුරේ සිරවීමෙන් 4 හැවිරිදි දැරියක් මියයාමේ පුවතක් මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

උණ වැළඳීම හේතුවෙන් මෙම දැරිය පැරසිටමෝල් පෙත්තක් පානය කර ඇති අතර එය පානය කිරීමෙන් පසු දැරිය හදිසියේම සිහිසුන් වී තිබෙනවා.

සිහිසුන් වූ දැරිය මහියංගනය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ තත්ත්වය බරපතල බැවින් ඇයව දැඩි සත්කාර ඒකකයට දමා ඇති බවයි පොලීසිය පවසන්නේ.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි දැරිය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඕෂධී සවින්ද්‍යා රාජපක්ෂ නමැති 4 හැවිරිදි දැරියකි.

දැරියගේ මව විදේශ රැකියාවක නිරතව සිටින බැවින් ඇය සිය මිත්තණිය හා සීයාගේ රැකවරණය මැද හැදී වැඩී ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම දැරියගේ පියා ඔවුන් පදිංචිව සිටින නිවස ආසන්නයේ වෙනත් නිවසක පදිංචිව සිටින බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.