28.9 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනයේදී කපා කොටා තරුණයෙක් ඝාතනය කළ 04ක් අල්ලයි

යාපනයේදී කපා කොටා තරුණයෙක් ඝාතනය කළ 04ක් අල්ලයි

යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පැවසුවේ සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ සැඟව සිටියදී ඊයේ (11) අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි හා අරාලි ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 37,32,25,22 පසුවන පිරිසක්.

සැකකරුවන් සතුව තිබී ඝාතනය වෙනුවෙන් පැමිණීමට භාවිතා කළ යතුරුපැදි දෙකක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තවචෙල්ලවම් පවිදරන් නමැති පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා සිය බිරිඳ සමඟ කරෙයිනගර් ප්‍රදේශයට මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරුවන් මියගිය පුද්ගලයා පැහැරගෙන ගොස් කැපුම් තුවාල සිදුකොට තිබෙනවා.

පොලිසිය සැක පළ කරන්නේ පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතු වී ඇති බවයි.

සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.