පාකිස්තාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිය වැටුප අත්හැරීමට තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්තානය මුහුණ දෙන ආර්ථික අභියෝග හේතුවෙන් එරට ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව පාකිස්තාන ජනාධිපති අසිෆ් අලි සර්දාරි තම ධුර කාලය තුළ කිසිදු වැටුපක් ලබා නොගන්නා බවට තීරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයා පවසන්නේ දූරදර්ශී මූල්‍ය කළමනාකරණය දිරිමත් කිරීමට සහ භාණ්ඩාගාරයට බරක් නොවීමට තමන් තීරණය කළ බවයි.