26 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු තරගය අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද චැතග්‍රාම් හිදී ආරම්භ වීමට නියමිතය.

මෙරට වේලාවෙන් අද (13) පස්වරු 2.00ට තරගය ආරම්භ වීමට නියමිතයි.

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති එක්දින තරගාවලියට ඇතුළත්ව සිටි ශෙවෝන් ඩැනියෙල්, අසිත ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර නම්කර නැහැ.

ඔවුන් වෙනුවට කමිඳු මෙන්ඩිස් සහ ළහිරු කුමාර ශ්‍රී ලංකා සංචියට කැඳවා තිබෙනවා.

එක්දින තරගාවලියේ ජයග්‍රාහකයින්ට පිරිනමන කුසලානය දෙපිළේම නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) එළිදක්වනු ලැබුවා.

දෙරට අතර මේ දක්වා ජාත්‍යන්තර එක්දින තරග 54ක් පවත්වා ඇති අතර ඉන් තරග 42ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබෙනවා.