26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිවිල් ගුවන් සේවා අධිකාරියට නව අධ්‍යක්ෂකවරයෙක්

සිවිල් ගුවන් සේවා අධිකාරියට නව අධ්‍යක්ෂකවරයෙක්

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් එච්.එම්.එස්.කේ.බී. කොටකදෙණිය පත් කර තිබෙනවා.

කැබිනට් මණ්ඩලයේ නිර්දේශය මත වරාය, නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් අද (13) එම අමාත්‍යාංශයේ දී මෙම පත්වීම ලබා දී තිබෙනව.

එයාර් වයිස් මාර්ෂල් කොටකදෙණිය කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳව සහ ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂාව සහ උපාය මාර්ගිකාඅධ්‍යයනය පිළිබඳව ද පශ්චාත් උපාධි ලබාගත් අයෙක්.

ඔහු මීට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ ආරක්ෂක විශ්ව විද්‍යාලවල වැඩිදුර අධ්‍යාපනය ලබා තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සේවය කළ පී.ඒ.ජයකාන්ත මහතා පසුගිය දා විශ්‍රාම ගත්තා.