27.2 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහාලිඇල නිවසකට කඩා වැටුණු විශාල අයිස් කුට්ටිය

හාලිඇල නිවසකට කඩා වැටුණු විශාල අයිස් කුට්ටිය

හාලි ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැදගම ප්‍රදේශයේ ලැයිම් කාමරයක වහලයක් මතට ඊයේ (12) පස්වරුවේ විශාල අයිස් කුට්ටියක් කඩා වැටී තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසන්නේ අයිස් කුට්ටිය කඩා වැටෙන අවස්ථාවේදී නිවසේ කිසිවෙකුත් නොසිට ඇති බවයි. අයිස් කුට්ටිය කඩා වැටීමෙන් නිවසේ තිබූ පරාලයකටද අලාභ හානි සිදුව ඇත.

පරාළය නොතිබෙන්නට අයිස් කුට්ටිය වහලේ තිබූ ටකරම් සිදුරු කරගෙන නිවස තුළට ඇද වැටෙන්නට ඉඩ තිබිණි.

අයිස් කුට්ටිය කඩා වැටෙන අවස්ථාවේදී ප්‍රදේශයේ පිහිටි නිවෙස්වලට විශාල හඬක් ඇසී ඇතත් ඔවුන් සිතා ඇත්තේ වහලය මතට පොල් ගෙඩියක් වැටෙන්නට ඇති බවයි.

කෙසේ වෙතත් නිවැසියන් නිවසට පැමිණි වහා දැක ඇත්තේ වර්ෂාවක් පවා නොමැතිව වහලයෙන් ජලය වෑස්සෙන බවයි.

ඉන්පසු ඔවුන් වහලයට නැග සෝදිසි කිරීමේදී දැක ඇත්තේ වී ඒ වනවිටත් වහලය මත දියවෙමින් තිබූ දැවැන්ත අයිස් කුට්ටියයි.