― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeArtරවී රොයිස්ටර්ගේ ගීතයක් ඉන්දීය සිනමාවට

රවී රොයිස්ටර්ගේ ගීතයක් ඉන්දීය සිනමාවට

මෙරට ජනප්‍රිය ගායකයෙක් වන රවී රොයිස්ටර්ගේ ගීතයක් ඉන්දීය සිනමාවට ගොස් තිබෙනවා.

ඒ අනුව රවී රොයිසර්ගේ ‘පස්ස’ නම් ගීතය දෙමළ බසින් Vijay Antony රංගනයෙන් දායක වන Romeo චිත්‍රපටයේ අලුත්ම ගීතයක් ලෙස එළිදක්වා තිබෙනවා.

දමිළ බසින් ද මෙම ගීතය ගායනා කරන්නේ රවී රොයිසර් වීම විශේෂත්වයකි.

මෙම ගීතයට මේ වනවිට හොඳ රසික ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

විනායක් වෛද්‍යනාදන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ ප්‍රේමාන්විත ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Vijay Antony ය.