― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeVideoඕ.. ටිකක් නවතින්න.. මේ මුරුත්තෙට්ටුවේ හිමි නේද ?

ඕ.. ටිකක් නවතින්න.. මේ මුරුත්තෙට්ටුවේ හිමි නේද ?

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ “ජන අරගලයේ දෝංකාරය”
ග්‍රන්ථය ජනපතිට පිළිගන්වයි

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජන අරගලයේ දෝංකාරය” ග්‍රන්ථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

මීට පෙරාතුව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේ විසින් “නොනවතින අරගලයක සැබෑ කතාව, හෙළ වෙදකමේ යටගියාව, නයිටින්ගේල් චරිතය, ජීනිවා අර්බුදයේ දෝංකාරය, රන් හිය හා අඳුරෙන් එළියට” යන කෘති ද එළිදක්වා තිබේ.

පූජ්‍ය ගැටමාන්නේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ ද, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් කෘතිය පිළිගැන්වීමේ අවස්ථාවට එක්ව සිටියහ.

උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News