― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකයිවාරු ගහලා මේ රට ගොඩ ගන්න බෑ - සජිත්

කයිවාරු ගහලා මේ රට ගොඩ ගන්න බෑ – සජිත්

ඩොලර් සහ රුපියල් ඉපයීමට නිසි වැඩපිළිවෙළක් නොමැතිව කයිවාරුවෙන් කවුරුන් හෝ බලයට ඒමට සිතා ගෙන සිටිනවා නම් රටේ ජනතාව දෙවැනි ඛේදවාදකයකට මුහුණ දීමක් හා සමාන සිදුවීමක් බවත් 2019 මෙන් 2024 දී ද ජනතාවට දරුණු ව්‍යවසනයකට මුහුණ දීමට සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (14) අනුරාධපුර කේ. බී. රත්නායක මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

සත්‍ය, යථාර්ථය, දත්ත, විද්‍යාව, අත්හදාබැලීම් මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනයකට රටක් ලෙස ඉදිරියට යා යුතු බවත් ප්‍රතිපත්ති සකස් කිරීම මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරිම, අධීක්ෂණය, පසුවිපරුම සහ ප්‍රතිපෝෂණය සිදු කළ යුතු බවත් එවැනි වැඩපිළිවෙළක් සැකසීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ අනාගතය ශක්තිමත් කිරිමට රටට රුපියල් හා ඩොලර් අවශ්‍ය බවත් බංකොලොත් රටක් තුළ මේ ඩොලර් උත්පාදනය කළ හැක්කේ ආර්ථික වර්ධනයක් තුළින් පමණක් බවත් දැනුම කේන්ද්‍රීය, අපනයන කේන්ද්‍රීය ආර්ථිකය හා සෘජු විදේශ ආයෝජන අප රටට ලබා ගන්නා ආර්ථික ක්‍රමවේදයක් හරහා ගරා වැටුණු කඩා වැටුණු දේශය නැවතත් අභිමානවත් මාතෘභූමියක් බවට පත් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල වැඩසටහනේ ප්‍රධාන අරමුණ Education First නම් ප්‍රතිපත්තිය බවත් අධ්‍යාපනයට පළමු තැන ලබා දීම තමාගේ ද මුඛ්‍ය අරමුණ වුවත් මේ අධ්‍යාපන ක්‍රමය නූතන වාදී කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. රජය කියන ඩිජිටල් ශ්‍රී ලංකාව ප්‍රභූ පැළැන්තියේ, අධි පොහොසතුන්ගේ දූපුතුන්ට පමණක් නිර්මාණය වන නමුත් නිදහස් අධ්‍යාපනය ලබා දෙන පාසල් 10126 ඉගෙනුම ලබන 41 ලක්ෂයක් දූදරුවන්ට එම වරම නොමැති බවත් දිනපතාම ඒ නිසා මේ දූදරුවන්ගේ මුලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් යල්පැනගින අධ්‍යාපනය තුළ ක්ෂේත්‍ර කිහිපයක් හැරුණු කොට බහුතරයක් දූදරුවන් විරැකියා පෝළිමේ නතර වන බවත් ඔවුන්ට පෞද්ගලික අංශයේවත් රැකියාවක් සොයා ගැනීමට නොහැකි වන බවත් මෙය මහා ඛේදවාචකයක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.