26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදැරියකට අමුතු සෙල්ලමක් කියාදුන් සිසුන් 05කට වැඩ වරදී

දැරියකට අමුතු සෙල්ලමක් කියාදුන් සිසුන් 05කට වැඩ වරදී

මඩකලපුව, වාකරේ ප්‍රදේශයේදී 7 හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 5 දෙනාගෙන් පිරිමි ළමුන් 4 දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා.

18 හැවිරිදි තරුණයා ලබන 27 වනදා දක්වා රිමාන්ඩ් කර ඇති අතර අනෙක් සැකකරුවන් සිවුදෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

දැරියගේ පියා මියගොස් ඇති අතර මව රැකියාවක නිරත වීම නිසා 7 හැවිරිදි දැරිය නිවසේ බොහෝවිට තනිව සිට තිබෙනවා.

ඇය සමඟ සෙල්ලම් කිරීම සඳහා එම ප්‍රදේශයේම 11 හැවිරිදි පිරිමි ළමයෙකු නිවසට පැමිණ ඇති අතර ඔහු සෙල්ලමෙන් පරාද වූ දැරිය දඬුවමක් ලෙස දැරිය ලිංගික අපයෝජනයට ලක් කර තිබෙනවා.

ඉන් අනතුරුව මෙම උපක්‍රමය වයස අවුරුදු 14, 15, 18 වැනි වියේ පසුවන අනෙක් මිතුරන්ට පැවසූ පිරිමි ළමයා එම දැරිය සමඟ වෙනම ගොස් ක්‍රීඩාවේ නාමයෙන් ලිංගික අතවරවලට ලක් කර ඇත.

මෙය නිරීක්ෂණය කළ ප්‍රදේශයේ තරුණයෙක් දැරියගේ මවට මේ බව පවසා තිබෙනවා.

ඒ අනුව දැරියගේ මව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව 11 හැවිරිදි, 14 හැවිරිදි දෙදෙනකු, 15 හැවිරිදි සහ 18 හැවිරිදි තරුණයකු ඇතුළු 5 දෙනෙකු ඊයේ (13) අත්අඩංගුවට ගනු ලැබුවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලට ඇතුළත් කර ඇත.