26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදුම්රිය ආසන වෙන්කිරීම online පමණයි

දුම්රිය ආසන වෙන්කිරීම online පමණයි

දුම්රිය ආසන වෙන්කිරීම අද (14) සිට සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ සිදුකිරීමේ හැකියාව පවතිනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ අද රාත්‍රී 7 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීම සිදුකළ හැකි බවයි.

මීට පෙර මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමට අවස්ථාව සලසා දී තිබුණේ 40%ක ප්‍රතිශතයකට පමණයි.

කෙසේනමුත් අද සිට දුම්රිය ආසන වෙන් කිරීම සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව අද සිට දුම්රියේ ගමන් කිරීමට ආසන වෙන් කිරීමේ පත්‍රිකාවේ ඡායාරූපයක් සන්තකයේ තබාගැනීම පමණක් ප්‍රමාණවත් වනවා.