26.1 C
Colombo
Wednesday, November 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාර මාරුවීමට ගිය කතක් බසයට බිලිවෙයි

පාර මාරුවීමට ගිය කතක් බසයට බිලිවෙයි

වෙන්නප්පුව නගරයේදී මාර්ගය හරහා යාමට උත්සාහ කළ කාන්තාවක් බස් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය පැවසුවේ මෙම කාන්තාව ඊයේ (13) පාර මාරුවීමට යාමේදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලුණුවිල, ජය මාවත ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක්.

පදිකයින් පිරිසක් මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී මීගමුවේ සිට හලාවත දෙසට ධාවනය වූ බස් රථයක් නවතා නැවත ඉදිරියට ධාවනය කර ඇති අතර එම අවස්ථාවේදීයි මෙම කාන්තාව බසයේ ගැටී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව රථවාහන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.