27.8 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමධ්‍යම අධිවේගය එක් මංතීරුවකට සීමා වෙයි

මධ්‍යම අධිවේගය එක් මංතීරුවකට සීමා වෙයි

අද (14) සිට මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටරයක කොටසක් එක් මංතීරුවකට සීමා කරන බව පොලිසිය පවසනවා.

මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 56.9 සිට කිලෝමීටර් 57.4 දක්වා කොටසේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කෙරෙනු ඇති.

පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ මීරිගම සිට කුරුණෑගල දක්වා ගමන් කරන රථවාහන කිලෝමීටර් 56.2 කණුවට පෙර ඇති මධ්‍ය හදිසි දොරටුවෙන් කුරුණෑගල සිට මීරිගම දක්වා දිවෙන දකුණු මංතීරුවෙන් ධාවනය කළ යුතු බවයි.

ඒ අනුව අද සිට දින 14ක කාලයක් මෙලෙස එක් මංතීරුවරුවකට වාහන ගමනාගමනය සීමා කරන බවයි පොලීසිය පවසන්නේ.