31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅණ නොතකූ ටිපර් රථයකට පොලීසියෙන් වෙඩි

අණ නොතකූ ටිපර් රථයකට පොලීසියෙන් වෙඩි

ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට පොලීසිය විසින් ඊයේ (14) වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී ටිපර් රථයක් නවත්වන ලෙසට සංඥා කළද ටිපර් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ටිපර් රථයේ රෝදවලට වෙඩි තැනූ බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේනමුත් ටිපර් රථය නවත්වා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම වෙනුවෙන් පැවැත්වූ මෙහෙයුමක් අතරතුර මුලතිව් මාන්කුලම මාර්ගයේ ගමන්ගත් ටිපර් රථයක් නවත්වන ලෙසට සංඥා කළ බවයි.

එහෙත් ටිපර් රථ රියදුරු මෙහෙයුමේ නිරත පොලිස් නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් හප්පාගෙන යාමට උත්සහ කළ බවත්, එහිදී ටිපර් රථයේ රෝදවලට වෙඩි තබා ටිපර් රථය නවත්වාගෙන සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.