― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඉන්දු – ලංකා වෙළෙඳ සබඳතා ශක්තිමත් කළ යුතුයි

ඉන්දු – ලංකා වෙළෙඳ සබඳතා ශක්තිමත් කළ යුතුයි

ඉන්දු – ශ්‍රී ලංකා වෙළෙඳ සබඳතා දෙරටටම ප්‍රතිලාභ සැලසෙන අයුරින් කඩිනමින් ශක්තිමත් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් දිනය සහ ඉන්දියාවේ 75 වන ජනරජ දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා-ඉන්දියා සමාජය (Sri Lanka India Society) විසින් ඊයේ (14) කොළඹදී සංවිධානය කර තිබූ විශේෂ සැමරුම් උත්සවයට එක්වෙමිනි.

ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පුළුල් වෙළෙඳ සහ ආර්ථික සබඳතා දෙරටටම ප්‍රතිලාභ හිමිවන පරිදි යළි කඩිනමින් ශක්තිමත් කර ගත යුතු බවයි ජනාධිපතිවරයා එහිදීඅවධාරණය කළේ.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහභාගි වූ අතර විශේෂ ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා එක් විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සනිටුහන් කරමින් විශේෂ සමරු තිළිණයක් ද පිරිනැමුණු අතර ඉන්දු- ශ්‍රී ලංකා සබඳතාවන්හි මෑතකාලීන විශේෂ අවස්ථා ඇතුළත් ‘මෛත්‍රී’ සඟරාව ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.