29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනපති රනිල් චිත්‍ර ප්‍රදර්ශනයක් නරඹයි

ජනපති රනිල් චිත්‍ර ප්‍රදර්ශනයක් නරඹයි

ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් දෙපළක් වන ඉරෝමි විජේවර්ධන සහ වින්ස්ටන් සුලුදාගොඩ යන මහත්ම මහත්මීන්‌ විසින් කොළඹ 07, ලයනල් වෙන්ඩට් කලාගාරයේ සංවිධානය කර තිබූ චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) පස්වරුවේ එක්විය.

ඉරෝමි විජේවර්ධන මහත්මියගේ කලා දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් ‘Celebration of women’ යන තේමාව ඔස්සේ චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කර තිබු අතර දෙස් විදෙස් චිත්‍ර ප්‍රදර්ශන පවත්වනු ලබන වින්ස්ටන් සුලුදාගොඩ මහතා තම 34 වන චිත්‍ර ප්‍රදර්ශනය ලෙස ‘භාවනාවක ශාන්තිය’ තේමාව යටතේ සිය චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි.

වසර 46ක් පුරා සිතුවම් කලා කේෂ්ත්‍රයේ නිරතව සිටින වින්ස්ටන් මහතා විදෙස් රටවල් රැසක සිය සිතුවම් සහිත ප්‍රදර්ශන පවත්වා තිබීම විශේෂත්වයකි.

එදිනෙදා ජීවන සබඳතා, ගෝලීය අර්බුද, ආගමික ජීවන රටා ඇතුළු විචිත්‍රවත් සිතුවම් රැසක් මෙම චිත්‍ර ප්‍රදර්ශනවලට එක් කර තිබිණි.

චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට එක්ව සිටි පිරිස සමඟ සුහද කතාබහක ද නිරත වූ ජනාධිපතිවරයා සමූහ ඡායාරූප කිහිපයකට ද එක් විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ද සමරු තිළිණ පිළිගැන්විණි.