29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentනෝර්වුඩ් පොලිසිය අසළ බස් රථ අනතුරක්

නෝර්වුඩ් පොලිසිය අසළ බස් රථ අනතුරක්

අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ලංගම බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇති බව නෝර්වුඩ් පොලිසිය පවසනවා.

අද (15) උදෑසන 6.30 ට පමණ හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් පොලිස් ස්ථානය ඉදිරිපිටදී මෙම අනතුර සිදුව තිබෙනවා.

බගවන්තලාව සිට වටවල දක්වා ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව හැටන් සිට බගවන්තලාව දක්වා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පසුපස ගැටී තිබෙනවා.

අනතුරෙන් බස් රථ දෙකේ ගමන් මගීන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර අනතුරෙන් බස් රථ දෙකටම අලාභ හානි සිදු ව ඇති බවයි පොලීසිය පවසන්නේ.

අනතුර සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.