― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsපොලිස්පතිට එරෙහි පෙත්සමකට දින දෙයි

පොලිස්පතිට එරෙහි පෙත්සමකට දින දෙයි

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා අප්‍රේල් මස 02 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේ වගඋත්තරකරුවන්ට නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසයි.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා කැදවන ලෙසත් අධිකරණය නියෝග කළා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන්ගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව විසින් විධිමත් ආකාරයෙන් අනුමත කර නොමැති බවයි.

එවැනි අවස්ථාවක ඔහු එම තනතුර සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සමේ සඳහන් වෙනවා. ඒ අනුව අදාළ පත් කිරීම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් දේශබන්දු තෙන්නකෝන්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.